.webp)
-610587.jpg)
AI Impact 2026 සමුළුව ලෝක නායකයන්, රාජ්‍යතාන්ත්‍රිකයන් සහ තාක්ෂණ ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් නවදිල්ලි නුවරදී පැවැත්වුණේ කෘත්‍රිම බුද්ධිය මානව වර්ගයාගේ යහපත උදෙසා වගකීම් සහගතව භාවිත කිරීමේ අරමුණින්.
19 වනදා පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රාජ්‍ය නායක සැසිය අමතමින් පැවසුවේ මානව සංහතියේ සංස්කෘතික වටිනාකම් හා හැකියාවන් ප්‍රවර්ධනයට AI තාක්ෂණය ඉවහල් කරගත යුතු බවයි.
සමුළුව අතරතුරදී ජනාධිපතිවරයා ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන්, භූතානයේ අගමැති ට්ෂෙරින් ටොබ්ගේ, අබුඩාබයේ ඔටුන්න හිමිකරු වන ශෙයික් කාලෙඩ් බින් මොහොමඩ් බින් සායෙඩ් අලි නාහියා සමගද ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ලැබුවා.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර විශේෂ හමුව පැවැත්වුනේ ඊයේයි(20).
මේ අතර, මෙම සංචාරයේදී ජනාධිපතිවරයා ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දකුණු සහ මධ්‍යම ආසියාව සඳහා විශේෂ නියෝජිත, ඉන්දියාවේ එක්සත් ජනපද තානාපති Sergio Gor මහතා සමග හමුවකටද එක්වුණා.
පසුගිය 16 වැනිදා නවදිල්ලි නුවර "භාරත් මණ්ඩපම්" සම්මේලන මධ්‍යස්ථානයේදී 'AI Impact 2026' ආරම්භ වූයේ රටවල් 45ක නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන්.
ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ආරාධනයෙන් රටවල් 20ක නායකයින් සහභාගිවූ එහි රාජ්‍ය නායක සමුළුව පසුගිය 19 වැනිදා පැවැත්වුණා.
එම සමුළුවට සහභාගි වීම සඳහා ජනාධිපතිවරයා දිවයිනෙන් පිටත්ව ගියේ පසුගිය අගහරුවාදායි.
