ChatGPT vs Claude AI: යාළුද? තරහද?

ChatGPT vs Claude AI: යාළුද? තරහද?

by Staff writer 19-02-2026 | 10:57 PM

COLOMBO (News 1st) - 2026 AI Impact සමුළුවේ දී AI සමාගම් දෙකක ප්‍රධාන විධායක නිලධාරීන් අතර වූ සිදුවීමක් සමාජ මාධ්‍ය තුළ පැතිර යයි.

එනම් නව දිල්ලියේ පැවැත්වෙන AI Impact සමුළුවේ නිල සමූහ ඡායාරූපය ලබා ගන්නා අවස්ථාවේදී, OpenAI හි ප්‍රධාන විධායක නිලධාරී සෑම් ඇල්ට්මන් සහ Anthropic හි ප්‍රධාන විධායක නිලධාරී ඩාරියෝ අමෝඩේයි අත්වැල් බැඳගනු වෙනුවට තම මිටි මොලවා අත් එසවීමට තීරණය කිරීමයි.

ලොව ප්‍රමුඛතම AI සමාගම් දෙකකට නායකත්වය දෙන මෙම විධායක නිලධාරීන් දෙදෙනා,Fist bump ආකාරයේ ඉරියව්වකට මාරු වීමට පෙර මොහොතකට දෙගිඩියාවෙන් පසුවන බවක්ද පෙනෙන්නට විය.

කැමරාවට හසු වූ මෙම අවස්ථාව අන්තර්ජාලය පුරා හාස්‍යජනක ප්‍රතිචාර දිනාගත් අතර, බොහෝ දෙනා පෙන්වා දුන්නේ මෙය තරගකාරී AI නායකයින් දෙදෙනා අතර ඇති සංකේතාත්මක තත්ත්වය නිරූපණය කරන්නක් බවයි.