.webp)

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මගින් මාසිකව විශ්‍රාම වැටුප් ලබාදෙන ගොවීන් සංඛ්‍යාව 179,215 කි. මීට අමතරව ධීවරයන් 6,381 දෙනකු සඳහා ද විශ්‍රාම වැටුප් ලබා දෙයි. කෙසේ වෙතත්, ඉන් 6,105 කට ආසන්න පිරිසක් මාස 6 කට වැඩි කාලයක් සිය විශ්‍රාම වැටුප් ලබාගෙන නොමැති බව හෙළි වී තිබේ.
එම හේතුවෙන් සිදුවිය හැකි මූල්‍ය අක්‍රමිකතා සහ දූෂණ වැළැක්වීමේ අරමුණින්, අදාළ පුද්ගලයන්ගේ විශ්‍රාම වැටුප තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.
අදාළ පුද්ගලයා ජීවත්ව සිටින බව තහවුරු වුවහොත්, හිඟ විශ්‍රාම වැටුප ද සමඟ නියමිත පරිදි මාසික විශ්‍රාම වැටුප් ලබා දෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේය.
මේ පිළිබඳ වැඩිදුර තොරතුරු හෝ ගැටලු 1918 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය අමතා දැනුම් දිය හැකිය.
