දිස්ත්‍රික්ක කිහිපයකට තද වැසි

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තද වැසි සහ මුහුදු ප්‍රදේශවල තද සුළං

by Staff writer 19-02-2026 | 11:25 AM

COLOMBO(News1st) - ඌව පළාතේත්, මාතලේ, මඩකලපුව, අම්පාර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් මිලිමීටර් 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඌව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වලත්, පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇති විය හැකිය.
සෙසු ප්‍රදේශවලට පස්වරු 1න් පසුව, ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
 

උතුර, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, මාතලේ, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්‍කවලත් පැයට කිලෝමීටර 30ත් 40ත් දක්වා වූ තරමක තද සුළං ඇති විය හැකිය. 
 

අකුණු අනතුරුවලින් ආරක්ෂා වන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.
 

මේ අතර, කොළඹ සිට පුත්තලම හරහා කන්කසන්තුරය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය ද පැයට කිලෝමීටර 50 දක්වා ඉහළ යා හැකිය.