.webp)

අද (පෙබරවාරි 19) විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් එම සමාගම සඳහන් කළේ, වෙළඳපොළේ මතුව ඇති මෙම හදිසි හිඟය මඟහරවා ගැනීම සඳහා මේ වන විටත් ප්‍රමාණවත් ගෑස් තොග තමන් සතුව ඇති බවයි.
ලිට්‍රෝ සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහතා නිකුත් කළ ලිපියකින් පෙන්වා දෙන්නේ, පසුගිය දිනවල ඇති වූ මෙම තාවකාලික සැපයුම් බාධාව සඳහා ප්‍රධාන කරුණු දෙකක් බලපෑ බවයි.
1. පසුගිය පෙබරවාරි 14 වැනිදා ඇති වූ දෙදින සැපයුම් ප්‍රමාදය.
2. වෙළඳපොළේ ගෑස් ඉල්ලුම බලාපොරොත්තු නොවූ ලෙස හදිසියේ ඉහළ යාම.
මේ අනුව, පාරිභෝගික අවශ්‍යතා කඩිනමින් සපුරාලීම සඳහා සමාගම මේ වන විටත් දැවැන්ත බෙදාහැරීමේ ක්‍රියාවලියක් ආරම්භ කර ඇති අතර, ඒ යටතේ ක්‍රියාත්මක පියවර කිහිපයක් පහතින් දැක්වේ:
• පෙබරවාරි 17 සහ 18 යන දිනවලදී ගෘහස්ථ ගෑස් සිලින්ඩර 284,000ක් වෙළඳපොළට නිකුත් කිරීමට සමාගම පියවර ගෙන තිබේ.
• අද (19) සිට එළඹෙන සෙනසුරාදා දක්වා කාලය තුළ තවත් ගෘහස්ථ ගෑස් සිලින්ඩර 351,000ක් පාරිභෝගිකයන් වෙත නිකුත් කිරීමට සියලු කටයුතු යොදා ඇත.
මීට අමතරව, සැපයුම තවදුරටත් ස්ථාවර කිරීම සඳහා මෙම මස අවසන් වීමට පෙර තවත් ගෑස් නෞකා තුනක් දිවයිනට ළඟා වීමට නියමිත බවත්, ඒ සඳහා අවශ්‍ය ඇණවුම් දැනටමත් සිදු කර ඇති බවත් සමාගම සඳහන් කරයි.
ඉදිරියේදී මෙරට තුළ කිසිදු ගෑස් හිඟයක් ඇති නොවන බවට ලිට්‍රෝ සමාගම සහතික වන අතර, පාරිභෝගිකයන්ට පවතින යම් ගැටලුවක් වේ නම් '1311' පාරිභෝගික සේවා අංකය අමතන ලෙස වැඩිදුරටත් දැනුම් දී සිටී.
