IMF ප්‍රධානී දිවයිනෙන් පිටව යයි...

දින 3ක සංචාරයෙන් පසු IMF ප්‍රධානී දිවයිනෙන් පිටව යයි...

by Staff writer 18-02-2026 | 8:35 PM

COLOMBO (News 1st) - මෙරට දින තුනක සංචාරයක නිරත වූ IMF කළමණාකරන අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා අද (18) දිවයිනෙන් පිටව ගියාය.

ඇය සිය සංචාරයේදී ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරිය මහ බැංකු අධිපතිවරයා මෙන්ම දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාව ද හමුවූහ.

රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට රජය ගන්නා උත්සාහය ඇයගේ පැසසුමට ලක්ව තිබේ.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා ඇතුළු දූත පිරිස අතර නිල හමුවක් ඊයේ (17)  අරලියගහ මන්දිරයේදී සිදුවියත

මෙහිදී රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට සහ මෑතකාලීන ආර්ථික මෙන්ම ස්වාභාවික ආපදා තත්ත්වයන් කළමනාකරණය කිරීමට රජය දරන උත්සාහය ආචාර්ය ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා ඇගයුමට ලක් කර තිබේ.

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරිය ඊයේ මහ බැංකු අධිපති නන්දලාල් වීරසේකර ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමුවිය.

ශ්‍රී ලංකා මහ බැංකුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකත්වය ලබා වසර 75 ක් පිරීම හා මහ බැංකුවේ 75 වැනි සංවත්සරයට සමගාමීවයි

එහිදී ප්‍රකාශ වී ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වත්මන් ණය වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ කාර්ය සාදනය සාර්ථක අත්දැකීමක් බවයි.

ආර්ථික අර්බුධයෙන් පසුව මෙරට සාර්ව ආර්ථික ස්ථායිතාවය ප්‍රකෘත්තිමත් කිරීම සඳහා මහ බැංකුව ඉටුකළ කාර්ය භාරය ද, එහිදී ඇගයුමට ලක්ව තිබේ.