.webp)

හින්දු දහමට අනුව දෙවියන් අතුරින් ලොව බලවත්ම දෙවියා තමා යන්න ශිව දෙවියන් ලොවට විදහා දැක්වූ අසිරිමත් දිනය අදයි.
ලොව බලවත්ම දෙවියා පිළිබඳව විශ්ණු දෙවියන්, මහා බ්‍රහ්මයා හා ශිව දෙවියන් අතර ඇතිවූ මතගැටුමේදි, ශීව දෙවිදුන් මිහි ගැබේ සිට අහස් ගැබ දක්වා ආලෝක කිරණයක් විහිදුවමින් එහි දෙකෙළවර සොයා ගන්නා අය බලවත්ම දෙවියා වන බව පැවසුවේය.
සූකර වෙස් ගනිමින් මිහිගැබ හාරමින් ගිය විශ්ණු දෙවියන්ටත්, හංස වෙස් ගනිමින් අහස් ගැබ සිසාරා පියාසර කළ මහා බ්‍රහ්මයාටත් එහි දෙකෙළවර සොයා ගැනීමට නොහැකි විය.
ඒ අනුව ලොව බලවත්ම දෙවියන් ශීව දෙවියන් බවට පත්වූ බව හින්දු බැතිමතුන් විශ්වාස කරයි.
හින්දු බැතිමතුන් මහා ශීව රාත්‍රි දිනය ලෙස සමරන්නේ ශිව දෙවියන් ආලෝක කදම්බය නිකුත් කළ නැකත උදාවන දිනයයි.
මේ අනුව හින්දු බැතිමතුන් අද (15) රාත්‍රීයේ සිට හෙට (16) උදෑසන දක්වා ශීව දෙවියන්ට පූජෝපහාර දක්වමින් මහා ශීව රාත්‍රීය සමරනු ලබයි.
