ප්‍රභල අකුණු පිළිබද අවවාදාත්මක නිවේදනයක්

ප්‍රභල අකුණු පිළිබද අවවාදාත්මක නිවේදනයක්

by Staff writer 14-02-2026 | 4:07 PM

COLOMBO (News 1st) -  බස්නාහිර, සබරගමුව හා දකුණු පළාත්වලත් බදුල්ල හා නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට ප්‍රභල අකුණු පිළිබද අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එම ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසිද ඇතිවිය හැකි බවයි.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළංද ඇති විය හැක.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.