ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක්..

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ නව ලේකම් වරුණ ශ්‍රී ධනපාල

by Staff writer 13-02-2026 | 4:19 PM

COLOMBO (News 1st) - ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් ලෙස වරුණ ශ්‍රී ධනපාල පත් කර තිබේ.

ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ය.

ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් ඒ මහතා වෙත භාර දුන්නේ ය.

ඒ ජනාධිපති කාර්යාලයේදී ය.

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන ඔහු ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් ලෙස කටයුතු කර තිබුණි.