පාඨලීට එරෙහි රිය අනතුරු නඩුව මැයි 5 යළි කැඳවෙයි.

පාඨලීට එරෙහි රිය අනතුරු නඩුව මැයි 5 යළි කැඳවෙයි..

by Staff writer 12-02-2026 | 6:06 PM

COLOMBO (News 1st) - 2016 වසරේදී අපරික්ෂාකාරීව රිය පදවා රිය අනතුරක් කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුවේ සාක්ෂි විභාගය, අද සිදු කළේ ය.

ඒ, කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි ඉදිරියේ ය.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් යොහාන් අබේවික්‍රමගේ මෙහෙයවීමෙන් පැමිණිල්ලේ හයවැනි සාක්ෂිකරු ලෙස නම් කර සිටි මනුල් නිම්සුක අබේසුන්දරගේ සාක්ෂි සටහන් කර ගැනීම සිදු කෙරිණ.

කරුණු සළකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා වැඩිදුර සාක්ෂි විභාගය මැයි 5 වැනිදා යළි කැඳවීමට දින නියම කළේ ය.

2016 වසරේ පෙබරවාරි 28 වැනිදා රාජගිරියේදී අපරීක්ෂාකාරීව රිය පදවා සිදුකළ රිය අනතුරක් වසන් කිරීම, සාක්ෂි වසන් කිරීම ඇතුළු චෝදනා යටතේ නීතිපතිවරයා නඩුව පවරා තිබේ.

ඒ, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක, ඔහුගේ රියදුරු වන දිනුම් තුසිත කුමාර සහ වැලිකඩ පොලිසියේ හිටපු ස්ථානාධිපති සුදත් අස්මඩල යන අය සැකකරුවන් ලෙස නම් කරමින් ය.