හිටපු නියෝජ්‍ය පොලිස්පති W.තිලකරත්න අත්අඩංගුවට

හිටපු නියෝජ්‍ය පොලිස්පති W.තිලකරත්න අත්අඩංගුවට

by Staff writer 09-02-2026 | 7:30 PM

COLOMBO(News1st) - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.තිලකරත්න පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අද(09) පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබීය.

ඒ කිසිදු අධිකරණ නියෝගයකින් තොරව සිය අභිමතය පරිදි 2019 වසරේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 704 දෙනෙකුට විදෙස් ගමන් තහනමක් පැනවීමේ සිදුවීමට අදාළවයි.

ගොඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව ඩබ්ලිව්.තිලකරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පත්කර තිබුණා.

අනතුරුව 2019 නොවැම්බර් 25 වැනිදා ඩබ්ලිව්.තිලකරත්න අපරාධ පරීක්ෂණ නිලධාරීන් 704 දෙනාට ඔහුගේ අභිමතය පරිදි විදෙස් ගමන් තහනමක් පැනවීමට පියවර ගත්තේය.

අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා රුපියල් ලක්ෂ 10ක ශරීර ඇපයක් මත මුදා හැරුණු අතර විදෙස් ගමන් තහනමක්ද පනවා තිබේ.