සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය අදත් ගංගාරාමයේදී

සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය අදත් ගංගාරාමයේදී

by Staff writer 09-02-2026 | 7:30 AM

COLOMBO (News 1st) - ඉන්දියාවේ ගුජරාට්හි, දෙව්නිමෝරි පුරාවිද්‍යාත්මක භූමියෙන් සොයාගත් සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය අදත් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ පැවැත්වේ.

ඒ අනුව ලබන 11 වැනිදා උදෑසන 7.00 දක්වා, පැය 24 පුරා සැදැහැවතුන්ට ධාතූන් වහන්සේ වන්දනාමාන කිරීමේ දුලභ භාග්‍යය හිමි වේ.

ඊයේ(08) රැය පහන් වන තුරු ධාතූන් වහන්සේ වැඳ පුදා ගැනීමට දස දෙසින් සැදැවතුන් කොළඹ හුණුපිටිය ගංගාරාමයට පැමිණියේය.

සර්වඥ ධාතූන් ශ්‍රී ලංකාවට වැඩම කරවනු ලැබුවේ, ජනාධිපති අනුර කුමාර දිසානායක, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගෙන් කළ විශේෂ ඉල්ලීමකට අනුවයි.

එම ධාතූන් වහන්සේ ඉන්දියාවෙන් පිටතට වැඩම කරවූ ප්‍රථම අවස්ථාව මෙය වීම ද විශේෂත්වයකි.

මීට අමතරව, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය අවට මාර්ගවල විශේෂ රථවාහන සැලැස්මක් ද ක්‍රියාත්මක වේ.