විදෙස්ගත අපරාධකරුවන්ට රතු නිවේදන....

විදෙස්ගතව සිටින තවත් අපරාධකරුවන් 103කට රතු නිවේදන. - පොලීසිය

by Staff writer 09-02-2026 | 7:25 AM

COLOMBO (News 1st) - විදෙස්ගතව සිටින අපරාධකරුවන් 103 දෙනෙකු මෙරටට රැගෙන ඒමට ජාත්‍යන්තර පොලීසිය හරහා රතු නිවේදන නිකුත් කර ඇතැයි පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි එෆ්.යු. වුට්ලර් පැවසුවේ, මේ වසර තුළදී එලෙස රතු නිවේදන නිකුත් කළ අපරාධකරුවන් තිදෙනෙකු දිවයිනට රැගෙන ආ බවයි.

මේ වසරේ ගතවූ කාලය එලෙස අපරාධ සිදුකර විදේශයන්හී සැඟවී සිටින පුද්ගලයින්ගේ ලක්ෂ 500 ක දේපළ රාජසන්තක කර ඇතැයි ද ඔහු සඳහන් කළේ ය.