වාලච්චේනේ රොකට් ලොන්චර් විමර්ශන CIDයට

වාලච්චේනේදී සොයාගත් රොකට් ලොන්චර් විමර්ශන CIDයට....

by Staff writer 08-02-2026 | 7:45 PM

COLOMBO (News 1st) - වාලච්චේන කුඩුම්බිමලේ ප්‍රදේශයේ සඟවා තිබියදී සොයාගත් රොකට් විදින තුන සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇත්තේ විදෙස් රටක ඔත්තුකරුවෙකුගෙන් බව ආරක්ෂක අංශ අනාවරණය කරගෙන තිබේ.

ආරක්ෂක අංශ වැඩිදුරටත් සදහන් කළේ, LTTE සංවිධානයට අයත්ව තිබූ සුන්දර්බේස් කඳවුරු භූමියේ රොකට් විදින වළදමා තිබී ඇති බවයි.

ඒවා කිසියම් පුද්ගලයකු විසින් ගොඩට ගෙන රැගෙන යාමට උත්සාහ දරා ඇතැයි ද මේ වන විට අනාවරණය වී තිබේ.

අදාළ රොකට් විදිනවල සඳහන් අංක මත පදනම්ව ඉදිරි විමර්ෂණ ක්‍රියාත්මකයි.

පොලිස්පතිවරයාගේ නියමයෙන් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී තිබේ.

ස්වීඩනයේ නිෂ්පාදිත 84mm RCL M2 වර්ගයේ රොකට් විදින තුනක් ඊයේ(07) එලෙස සොයා ගැනුණි.