දේශීය තැපැල් ගාස්තු හෙට සිට සංශෝධනය කෙරේ..

දේශීය තැපැල් ගාස්තු හෙට සිට සංශෝධනය කෙරේ..

by Staff writer 08-02-2026 | 8:02 AM

COLOMBO (News 1st) - දේශීය තැපැල් ගාස්තු හෙට සිට සංශෝධනය කර තිබේ.

ඒ අනුව රුපියල් 50 ක් වූ අවම මුද්දර ගාස්තුව, රුපියල් 70 ක් දක්වා ඉහළ යන බව, තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

සාමාන්‍ය, ව්‍යාපාරික ලිපි සේවාවේ මූලික බර, ග්‍රෑම් 20 සිට ග්‍රෑම් 30 දක්වා සංශෝධනය කර තිබේ.

ප්‍රචාරණ පත්‍රිකා බෙදා හැරීමේ ගාස්තුව, බෙදීම් කලාපය තුළ හා පරිබාහිර බෙදීම් කලාපය ලෙස කොටස් කර ඇතැයි තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

ඒ අනුව පත්‍රිකාවක හෝ පත්‍රිකා කට්ටලයක උපරිම බර, ග්‍රෑම් 100 සිට ග්‍රෑම් 120 දක්වා ඉහළ නංවා තිබේ.