ගම්මැද්ද ‘Care & Dare’ ක්‍රියාන්විතය අද ගම්පොළදී..

ගම්මැද්ද ‘Care & Dare’ ක්‍රියාන්විතය අද ගම්පොළදී..

by Staff writer 08-02-2026 | 8:04 AM

COLOMBO (News 1st) -

ගම්මැද්ද ‘Care & Dare’ වැඩසටහනේ තුන්වැනි අදියර දෙවැනි දිනටත් අද පැවැත්වෙයි.

ඒ, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් ය.

දිට්වා සුළි කුණාටුව සමග ඇති වූ විවිධ ආපදාවලින් පීඩාවට පත් ජනතාව නගා සිටුවීම වෙනුවෙන් ගම්මැද්ද ‘Care & Dare’  වැඩසටහන ආරම්භ විය.

ඒ, ලෝකයේ දැවැන්තම ස්වේච්ඡා සංවිධානයක් වන ඕස්ට්‍රේලියාවේ මින්ඩරූ පදනමේ දායකත්වය ද ලබා ගනිමින් ය.

‘Care & Dare’ පළමුවැන්න කොත්මලේදීත්, දෙවැන්න පස්සර, මඩොල්සිම සහ වැලිමඩ ප්‍රදේශ වලදීත් අති සාර්ථකව ක්‍රියාත්මක විය.

ගම්පොළ ප්‍රදේශයේ ජනතාවට සහන සැළසීම වෙනුවෙන්, අද ගම්මැද්ද ‘Care & Dare’ ක්‍රියාත්මකයි.