කළුතර වෙඩි ප්‍රහාරය ගැන පොලිස් විමර්ශන

කළුතර නිවසකට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමට තැත් කළ දෙදෙනෙකු සොයා පොලිස් විමර්ශන

by Staff writer 08-02-2026 | 2:44 PM

COLOMBO (News 1st) - කළුතර, නාගොඩ ප්‍රදේශයේ නිවසකට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමට තැත් කළ දෙදෙනෙකු සොයා පොලිස් විමර්ශන ආරම්භ කර තිබේ.

පොලීසිය සඳහන් කළේ, පුද්ගලයින් දෙදෙනෙකු පැමිණ, නිවසේ හිමිකරු ඉලක්ක කර වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමට තැත් කර ඇති බවයි.

එම අවස්ථාවේ ගිනි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ඔවුන් පළාගොස් තිබේ.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.