අද සිට පවතින වැසි තත්ත්වයේ අඩුවීමක්..

අද සිට පවතින වැසි තත්ත්වයේ අඩුවීමක්..

by Staff writer 08-02-2026 | 8:06 AM

COLOMBO (News 1st) -දිවයිනේ පවතින වැසි තත්ත්වයේ අඩුවීමක්, අද සිට ලබන 11 වැනිදා දක්වා අපේක්ෂා කරන බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර සහ සබරගමුව පළාත් වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

ඌව පළාතේත්, මාතලේ, නුවරඑළිය, අම්පාර, මඩකලපුව සහ පොළොන්නරුව දිස්ත්‍රික්ක වලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි වෙයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ, අකුණු අනතුරුවලින් ආරක්ෂා වන ලෙසයි.