ප්‍රදේශ රැසකට අකුණු පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදන

ප්‍රදේශ රැසකට ප්‍රභල අකුණු පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදන

by Staff writer 07-02-2026 | 8:47 PM

COLOMBO (News 1st) -ප්‍රදේශ රැසකට ප්‍රභල අකුණු පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේ.  

බස්නාහිර සහ සබරගමුව පළාත් සහ ගාල්ල , මාතර දිස්ත්‍රික්කවල ප්‍රදේශ රැසක් ඒ අතරට ඇතුළත් ය.

ගිඟුරුම් සහිත වැසි සමග තාවකාලිකව තද සුළං ද ඇති විය හැකි වෙයි.

තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.