.webp)

ඒ, දිට්වා සුළි කුණාටුව සමග ඇති වූ විවිධ ආපදාවලින් පීඩාවට පත් වූ ජනතාව නගා සිටුවීමට සංවිධානය කළ සුවිශේෂී වැඩසටහනයි.
මෙහි තුන්වැනි අදියර හෙට සහ අනිද්දා ක්‍රියාත්මක වන්නේ නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් ය.
ලෝකයේ දැවැන්තම ස්වේච්ඡා සංවිධානයක් වන ඕස්ට්‍රේලියාවේ මින්ඩරූ පදනමේ දායකත්වයත් සමග ආරම්භ කළ ගම්මැද්ද කෙයාර් ඇන්ඩ් ඩෙයාර් පළමුවැන්න කොත්මලේදීත්, දෙවන අදියර පස්සර ,මඩොල්සිම සහ වැලිමඩ ප්රදේවලදීත් සාර්ථකව ක්‍රියාත්මක කෙරුණේ දහස් සංඛ්‍යාත ජනතාවට ප්රතිලාභ ලබා දෙමින් ය.
නිල්දණ්ඩාහින්න සුමංගල ජාතික පාසලේදී ගම්මැද්ද, කෙයාර් ඇන්ඩ් ඩෙයාර් වැඩසටහන හෙට ක්‍රියාත්මක කරන අතර එහිදී නිල්දණ්ඩාහින්න සහ වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ටඨාසවල ජනතාවට සේවා සැපයෙයි.
අනිද්දා ගම්පොළ, කුරුඳුවත්ත රාජකීය විද්‍යාලය එම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
ආපදාවෙන් පීඩාවට පත් ජනතාවට, වෛද්‍ය සේවා, උපදේශන සේවා, නීති සේවා ලබා දීම මෙන්ම, සහනාධාර පිරිනැමීමද ‘Care & Dare’ වැඩසටහනෙන් සිදුවෙයි.
එමෙන්ම ආදායම් මාර්ග අහිමි වූ සහ ස්වයං රැකියා අහිමි වූ ජනතාව උදෙසා විශේෂ උපදේශන සේවාද මෙහිදී ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
ආපදාවෙන් අස්ථානගත වූ උප්පැන්න ඇතුළු වැදගත් ලිපි ලේඛන ලබා දීම සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයද ‘Care & Dare’ වැඩසටහන සමග සම්බන්ධ වෙයි.
ගර්භණී මාතාවන් සහ අඩු වයස් දරුවන් වෙනුවෙන් විශේෂ සේවා ලබා දීමටත්, ආපදාවට ලක්වූවන්ට වියළි සලාක ලබා දීම, ගෘහෝපකරණ ලබා දීම සහ සනීපාරක්ෂක පැකේජ ලබා දීමද මෙම වැඩසටහනේදී සිදු වෙයි.
ආපදා සහන සේවා මධ්‍යස්ථානය, ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරිය, ශ්‍රී ලංකා නීතිඥ සංගමය, සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය , ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය මෙහිදී ගම්මැද්ද සමග අත්වැල් බැඳගෙන සිටී.
