අත්අඩංගුවට ගත් කෙහෙළියගේ දියණිය, චමිත්‍රිට ඇප..

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් කෙහෙළියගේ දියණිය, චමිත්‍රිට ඇප..

by Staff writer 06-02-2026 | 7:20 PM

COLOMBO (News 1st) - හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ දියණියක වන චමිත්‍රි ජයනිකා රඹුක්වැල්ල අද ඇප මත මුදා හැරිණ.

ඒ , අද පස්වරුවේ ඇය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි.

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ගැනෙන වරදක් සිදු කර ඇති බවට අනාවරණය වීම හේතුවෙන් චමිත්‍රි ජයනිකා රඹුක්වැල්ල අද පස්වරුවේ අත්අඩංගුවට ගත්තේ ය.

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් අයථා ලෙස උපයන ලද මුදල් විශුද්ධිකරණය කිරිමට සහය ලබා දෙමින්, ආධාර අනුබල දීම ඇයට එරෙහි චෝදනාවයි.