.webp)

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඌව සහ නැගෙනහිර පළාත්වලත්, හම්බන්තොට, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි.
උතුරු පළාතේ සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති විය හැකියි.
සෙසු ප්‍රදේශවල පස්වරු 2.00 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව සඳහන් වේ.
රත්නපුර, කළුතර, ගාල්ල, සහ මාතර දිස්ත්‍රික්කවල ද මිලිමීටර් 50 ට වැඩි වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.
