.webp)
-609697.jpg)
ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ දෙව්නිමෝරී ඓතිහාසික සිද්ධස්ථාන සංකීර්ණයේ කළ කැණීම්වලදී සොයාගත් එම ධාතූන් වහන්සේ, ශ්‍රී ලංකාවට වැඩම කරවූයේ ඊයේ (04) පස්වරුවේයි.
ඉන් අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (04) පස්වරුවේ ධාතූන් වහන්සේ වැඳ පුදා ගත්තා.
සර්වඥ ධාතූන් වහන්සේ වන්දනාමාන කිරීම වෙනුවෙන් අද (05) අලුයම සිට සැදැහැවතුන් දිගු පෝලිම්වල රැඳී සිටින බව, අප වාර්තාකරුවන් සඳහන් කළා.
අද (05) සිට ලබන 11 වැනිදා උදෑසන 7 දක්වා, ධාතූන් වහන්සේ අඛණ්ඩව වන්දනාමාන කිරීමට සැදැහැවතුන්ට අවස්ථාව හිමිවන බව බුද්ධ ශාසන නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක සඳහන් කළා.
ධාතූන් වහන්සේ වන්දනාමාන කිරීමට පැමිණෙන සැදැහැවතුන් වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා ද ක්‍රියාත්මක අතර රථ වාහන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ සේනාධීර පැවසුවේ,
ලංකා ගමනාගමන මණ්ඩලය සහ දුම්රිය දෙපාර්තමේන්තුව සමග එක්ව පොලීසියේ සම්බන්ධීකරණයෙන් එම සේවා ක්‍රියාත්මක බව ඒ වෙනුවෙන් 30කට වැඩි බස් රථ සංඛ්‍යාවක් යොදවා තිබෙන බවයි.
කොළඹ කොටුවේ සිට අවිස්සාවේල්ල, රඹුක්කන දක්වා සහ අලුත්ගම සිට කොළඹ කොටුව දක්වා අමතර දුම්රිය ගමන්වාර ද ක්‍රියාත්මකයි.
හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය අවට මාර්ගවල අද උදෑසන සිට විශේෂ රථ වාහන සැලැස්මක් ද ක්‍රියාත්මකයි.
