ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාග ගැසට් කෙරේ..

උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාග ගැසට් කෙරේ..

by Staff writer 04-02-2026 | 2:29 PM

COLOMBO (News 1st) - උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාග ගැසට් කර තිබේ.

රාජ්‍ය සේවයේ නියුතු හා රාජ්‍ය සේවයේ නියුක්ත නොවන උපාධිධාරීන්ට විභාග දෙකක් ලෙස එය පැවැත්වෙනු ඇති.

රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් සඳහා පැවැත්වෙන ගුරු විභාගය සඳහා අයැදුම් භාර ගැනීම හෙට පෙරවරු 9 සිට ලබන 19 වැනිදා පස්වරු 9 දක්වා මාර්ගගත ක්‍රමයට අයදුම්පත් ඉදිරිපත් කළ හැකියි.

රාජ්‍ය සේවයේ නියුක්ත නොවන උපාධිධාරීන් සඳහා පැවැත්වෙන තරග විභාගයට ලබන 20 වැනිදා පෙරවරු 9 සිට මාර්තු 05 වැනිදා පස්වරු 9 දක්වා මාර්ග ගත ක්‍රමයට අයදුම්පත් යොමු කළ හැකි බව එම ගැසට් නිවේදනයේ සඳහන් ය.

අයදුම්පත් විභාග දෙපාර්ත්මේන්තුමේන්තුවේ WWW.DOENETS.LK වෙබ් අඩිවියේ  OUR SERVICES යටතේ ඇති online applications - recuitment exams/e.b.exams යටතේ පළ කර තිබේ.  

රාජ්‍ය සේවයේ නියුතු අවුරුදු 45 ට නොවැඩි උපාධිධාරීන්ට ගුරු විභාගය සඳහා අයැදුම් කළ හැකියි.

රාජ්‍ය සේවයේ නියුක්ත නොවන අවුරුදු 40 ට නොවැඩි උපාධිධාරීන්ටද ඒ සඳහා අයැදුම් කළ හැකි බව ගැසට් නිවේදනයේ දැක්වෙයි.