ඉන්දියාවේ සිට සර්වඥ ධාතූන් වහන්සේ වැඩමවන ලද ඉන්දීය ගුවන් යානය දිවයිනට

by Staff writer 04-02-2026 | 2:47 PM

COLOMBO (News 1st) - ඉන්දියාවේ ගුජරාට් හි - දෙව්නිමෝරි පුරාවිද්‍යාත්මක භූමියෙන් සොයාගත්  සර්වඥ ධාතූන් වහන්සේ  දිවයිනට වැඩම කෙරිණි.

ඒ ඉන්දීය ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයකිනි.

ගුවන් තොටුපොළේදී ධාතූන් වහන්සේ සහිත මංජුසාව හරසරින් පිළිගෙන පීඨිකාවක තැන්පත් කළේ ය.

එම අවස්ථාවට මහා සංඝරත්නය මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් සහභාගි විය.

අද(04) පස්වරුවේ කොළඹ හුනුපිටිය ගංගාරාමය වෙත සර්වඥ ධාතූන් වහන්සේ වැඩම කරවීමට නියමිතයි.

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය ආරම්භ කෙරෙන අතර මහජනතාව සඳහා ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය හෙට (05) උදෑසන 6 සිට ඇරඹේ.

ලබන 11 වැනිදා උදෑසන 07 දක්වා සැහැවතුන්ට ධාතූන් වහන්සේ වැඳපුදා ගත හැකියි.

පැය 24 පුරා සර්වඥ ධාතු ප්‍රදර්ශනය පැවැත්වේ.