.webp)
-609590.jpg)
ඒ, ‘සිරිලිය’ නමින් පවත්වාගෙන ගිය ගිණුමේ මුල්‍ය අක‍්‍රමිකතා සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහායි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂද ඇය සමග එහි පැමිණියේය.
මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරය දැරූ සමයේ ‘සිරිලිය’ නමින් පවත්වාගෙන ගිය ගිණුමේ මුල්‍ය අක‍්‍රමිකතා සම්බන්ධයෙන් යහපාලන රජය සමයේ විමර්ශනයක් ආරම්භ කර තිබිණි.
ශිරන්ති රාජපක්ෂ ඇතුළු තුන්දෙනෙකුගේ බද්ධ ගිණුමක් ලෙස රාජ්‍ය බැංකුවක සුදුවැල්ල ශාඛාවේ මෙම ගිණුම ආරම්භ කර තිබූ අතර එහි ශිරන්ති රාජපක්ෂගේ ජාතික හැඳුනුම්පත් අංකය සඳහන්කර තිබුණේ 222 222 222V ලෙසයි.
එම ගිණුම හරහා සැකකටයුතු ගනුදෙනු රැසක් සිදුව තිබූ අතරෙ 2015 වසරේදී ජුනි 1 වෙනිදා ශිරන්ති රාජපක්ෂගෙන් එවක කථානායක නිල නිවසේදී ප්‍රකාශයක් ලබා ගෙන තිබිණි.
මේ අතර රගර් ක්‍රීඩක වසීම් තාජූඩීන් ඝාතන විමර්ශනයට අදාළවත් සිරිලිය සවියට බරපතල චෝදනාවක් එල්ලවී තිබේ.
පසුගිය 27 වනදා ප්‍රකාශයක් ලබාදීමට පැමිණෙන්නැයි ශිරන්ති රාජපක්ෂට දැනුම්දී තිබූ අතර ඇය ඒ සඳහා සති දෙකක් කල් ඉල්ලා තිබිණි.
