.webp)
-609555.jpg)
එහි දැක්වෙන්නේ මෙම තීරණය පාකිස්ථානයේ ක්‍රිකට් අනාගතයට මෙන්ම ගෝලීය ක්‍රිකට් පද්ධතියට දිගුකාලීන බලපෑම් ඇති කළ හැකි බැවින්, පාකිස්ථාන ක්‍රිකට් ආයතනය ඒ පිළිබඳ ගැඹුරු අවධානයක් යොමු කරනු ඇතැයි බලාපොරොත්තුවන බවයි.
දේශපාලන අර්බුද හමුවේ ආරක්ෂක හේතූන්මත බව පවසමින් 2026 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ඉන්දියාවේ සංචාරය කිරීම බංග්ලාදේශය මීට පෙර ප්‍රතික්ෂේප කළේය.
එම තත්ත්වය උද්ගත වූයේ ඉන්දීය ප්‍රිමියර් ලීග්(IPL) පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සඳහා කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම නියෝජනය කිරීමට තෝරා ගත් මුස්තෆිසුර් රෙහමන් තරගාවලියෙන් මුදාහරින ලෙස ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට උපදෙස් දීමත් සමගිනි.
ඒ අනුව, බංග්ලාදේශය තුළ IPL තරගාවලිය විකාශනය කිරීමද අත්හිටුවීමට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය පියවර ගත්තේය.
නිත්‍යානුකූල කොන්ත්‍රාත්තුවක් මත ක්‍රිකට් තරගාවලියක් සඳහා තෝරාගත් ක්‍රීඩකයකු එම තරගාවලියෙන් ඉවත් කිරීම, කොතරම් දුරට සාධාරණදැයි බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන් ප්‍රශ්න කර සිටියේය.
එවැනි තත්ත්වයක් යටතේ තම කණ්ඩායමේ ක්‍රීඩකයින් සහ ප්‍රේක්ෂකයින් ඉන්දියාව තුළ අනාරක්ෂිත නොවන්නේ කෙසේද යන්න පිළිබඳව ඉන්දීය බලධාරීන් ලබා දෙන සහතිකය කුමක්ද යනුවෙන් ඔවුන් ප්‍රශ්න කළේය.
බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන් මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ඉන්දියාවේ සංචාරය කළ නොහැකි බවත්, එම තරග ශ්‍රී ලංකාවේදී පවත්වන ලෙසත් ඉල්ලා සිටියේය.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳහන් කළේ, තරගාවලි කාලසටහනේ කිසිදු වෙනසක් සිදු නොකරන බවයි.
ඒ අනුව, බංග්ලාදේශය ලෝක කුසලානයෙන් ඉවත් කර, ස්කොට්ලන්තය ඇතුළත් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගත්තේය.
මෙවැනි පසුබිමක් තුළ මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පාකිස්ථානයේ සහභාගී වීම පිළිබඳ ඇතිවූයේ අවිනිශ්චිත තත්ත්වයකි.
පාකිස්ථාන ක්‍රිකට් ප්‍රධානී මොහ්සින් නක්වි, පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා හමුවීමෙන් අනතුරුව X පණිවිඩයක් නිකුත් කරමින් පසුගියදා සඳහන් කර තිබුණේ තම ලෝක කුසලාන සහභාගීත්වය පිළිබඳව නිල වශයෙන් පෙබරවාරි 02 වැනිදා ප්‍රකාශ කරන බවයි.
ඒ අනුව පාකිස්ථාන රජය ඊයේ(01) රාත්‍රීයේ X සටහනක් තබමින් ''2026 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වීමට පාකිස්ථාන කණ්ඩායමට අවසර දුන් බව සඳහන් කළේය.
එහි වැඩිදුරටත් සඳහන් කර තිබුණේ පෙබරවාරි 15 වැනිදා ඉන්දියාව සමග පැවැත්වෙන තරගයට තම කණ්ඩායම සහභාගී නොවන බවයි.
ඊට ප්‍රතිචාර දැක්වූ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය, පාකිස්ථාන ක්‍රිකට් ආයතනයෙන් මේ සම්බන්ධ නිල දැනුම්දීමක් තවමත් ලැබී නොමැති බව සඳහන් කළේය.
තෝරාගත් සහභාගීත්වය ගෝලීය ක්‍රීඩා ඉසව්වක මූලික සංකල්පයට අනුකූල නොවන බවත්, සුදුසුකම් ලැබූ සියලු කණ්ඩායම් තරග කාලසටහනට අනුව සමාන කොන්දේසි යටතේ ක්‍රීඩා කළ යුතු බවත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අවධාරණය කර තිබේ.
මෙම තීරණය පාකිස්ථානයේ ක්‍රිකට් අනාගතයට මෙන්ම ගෝලීය ක්‍රිකට් පද්ධතියට දිගුකාලීන බලපෑම් ඇති කළ හැකි බැවින්, පාකිස්ථාන ක්‍රිකට් ආයතනය ඒ පිළිබඳ ගැඹුරු අවධානයක් යොමු කරනු ඇතැයි බලාපොරොත්තුවන බව ද දැක්වේ.
2026 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සාර්ථකව පැවැත්වීම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රමුඛත්වය බවත්, එය පාකිස්ථාන ක්‍රිකට් ආයතනය ඇතුළු සියලු සාමාජිකයින්ගේ වඟකීම බවත්, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
සියලුම පාර්ශ්වකරුවන්ගේ අවශ්‍යතා ආරක්ෂා කරන අන්‍යෝන්‍ය වශයෙන් පිළිගත හැකි යෝජනාවක් පකිස්ථාන ක්‍රිකට් ආයතනය සලකා බලනු ඇතැයි අපේක්ෂා කරන බවද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳහන් කර තිබේ.
