ජාතික ත්‍රිපෝෂ වැඩසටහනට කොරියාවෙන් ඩොලර්මිලියන10ක්

ජාතික ත්‍රිපෝෂ වැඩසටහනට කොරියාවෙන් ඩොලර් මිලියන 10ක පරිත්‍යාගයක්.

by Staff writer 01-02-2026 | 7:29 AM
දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දෙන, දේශීයව ලබා ගන්නා ආහාර පද්ධති හරහා ශ්

රී ලංකාවේ ජාතික ත්

රිපෝෂ වැඩසටහන ශක්තිමත් කිරීම සඳහා වන ද්විපාර්ශ්වික සංවර්ධන සහයෝගීතාවයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, කොරියානු ජාත්

යන්තර සහයෝගීතා නියෝජිතායතනය (KOICA) සහ ශ්

රී ලංකා රජය පසුගිය 29 දින සාකච්ඡා වාර්තාවට (Record of Discussion) අත්සන් තැබුවා.
මෙම ගිවිසුම මගින් ඇමරිකානු ඩොලර් මිලියන 10 ක ආපසු නොගෙවන ප්

රදානයක් කොරියානු රජයෙන් ශ්

රී ලංකාවට ලැබෙන අතර, එමගින් උසස් තත්ත්වයේ බඩඉරිඟු දේශීයව නිෂ්පාදනය ඉහළ නැංවීමටත්, ආනයන මත යැපීම අවම කිරීමටත්, දරුවන් සහ මව්වරුන් වෙනුවෙන් ක්

රියාත්මක වන ශ්

රී ලංකාවේ ප්

රමුඛතම පෝෂණ වැඩසටහනේ තිරසාරභාවය තහවුරු කිරීමටත් අපේක්ෂා කරනවා.
ශ්

රී ලංකා රජය වෙනුවෙන් විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්

යක්ෂ ජනරාල් සමන්ත බණ්ඩාර මහතා සහ ග්

රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්

රජා සවිබලගැන්වීම් අමාත්

යාංශයේ ලේකම් සම්පත් මන්ත්

රීනායක මහතා ද කොයිකා ආයතනයේ මෙරට අධ්

යක්ෂිකා ලී යූලි (Lee Yooli) මහත්මිය ද මෙම ගිවිසුමට අත්සන් කළා. මෙම ගිවිසුම මගින් කොරියානු ජනරජය සහ ශ්

රී ලංකා ප්

රජාතාන්ත්

රික සමාජවාදී ජනරජය අතර පවතින තිරසාර සංවර්ධන ඉලක්ක කරා යන පොදු කැපවීම පිළිඹිබුවනවා. "Sow & Grow: Building Resilient Food Systems Of Higs Quality Maize In Srilanka For an Enhanced Thriposha Programme" නමින් හැඳින්වෙන වසර හතරක කාලයක් පුරා ක්

රියාත්මක වන මෙම ව්

යාපෘතිය ලෝක ආහාර වැඩසටහන (WFP) සමඟ එක්ව ශ්

රී ලංකා රජය විසින් මෙහෙයවනු ලබන අතර, එය මෙම වසරේ ආරම්භ වීමට නියමිතයි.
බඩඉරිඟු සැපයුමේ දේශගුණික අවදානම, ආනයනය මත යැපීම, අස්වැන්න නෙළීමෙන් පසු සිදුවන හානිය සහ ගුණාත්මකභාවය සහතික කිරීමේ ගැටලු ඇතුළු ත්

රිපෝෂ නිෂ්පාදනයට බලපාන පද්ධතිමය අභියෝග සඳහා මෙම ව්

යාපෘතිය විසඳුම් ලබා දෙනු ඇත.
අනුරාධපුරය, මොනරාගල සහ බදුල්ල යන දිස්ත්

රික්ක කේන්ද්

ර කර ගනිමින් කාන්තාවන් සහ තරුණයින් ඇතුළුව කුඩා හා මධ්

ය පරිමාණ බඩඉරිඟු ගොවීන් 7,500 කට පමණ මෙමගින් සහාය හිමි වේ. මෙහිදී දේශගුණයට හිතකාමී කෘෂිකාර්මික පිළිවෙත් ප්

රවර්ධනය කිරීම, පසු අස්වනු කළමනාකරණය වැඩිදියුණු කිරීම සහ ශ්

රී ලංකා ත්

රිපෝෂ සමාගම සමඟ විධිමත් වෙළඳපල සම්බන්ධතා ඇති කිරීම සිදු කෙරේ.
මෙම ව්

යාපෘතිය මගින් වයස අවුරුදු පහට අඩු දරුවන් 650,000 කට අධික සංඛ්

යාවකට සහ ගර්භණී සහ කිරි දෙන මව්වරුන් 330,000 කට වඩා වැඩි පිරිසකට පෝෂණ ප්

රතිලාභ සැලසෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. තවද ජාතික ආහාර සුරක්ෂිතතාව, ග්

රාමීය ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සහ දේශගුණික අනුවර්තනය යන ඉලක්ක සපුරා ගැනීමට ද මෙය දායක වනු ඇත.
මෙම ගිවිසුම හරහා කොයිකා ආයතනය ශ්

රී ලංකාව සමඟ පවතින දිගුකාලීන හවුල්කාරිත්වය සහ අවදානමට ලක්විය හැකි ජන කොටස් ආරක්ෂා කරන තිරසාර සංවර්ධන විසඳුම් සඳහා වන කැපවීම යළිත් තහවුරු කර ඇත.
මෙම අවස්තාවට ශ්

රී ලංකාවේ කොරියානු ජනරජයේ රාජතාන්ත්

රික දූත මණ්ඩල ප්

රධානී ලෙස කටයුතු කරන මියොන් ලී මහත්මිය, ග්

රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා සමාජ සවිබලගැන්වීමේ අමාත්

යාංශයේ ලේකම් සම්පත් මන්ත්

රිනායක මහතා, ලෝක ආහාර වැඩසටහන (WFP) සඳහා ශ්

රී ලංකාවේ නියෝජිත ෆිලිප් වෝඩ් මහතා, විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්

යක්ෂ ජනරාල් සමන්ත බණ්ඩාර මහතා, ලෝක ආහාර වැඩසටහනේ සහයෝගීතාව සඳහා වන හවුල්කාරීත්ව ලේකම් කාර්යාලයේ අධ්

යක්ෂ ජනරාල් ආර්. රුෂන්දන් මහතා සහ කෘෂිකර්ම අමාත්

යාංශය, සෞඛ්

ය අමාත්

යාංශය, වාණිජ අමාත්

යාංශය සහ ශ්

රී ලංකා ත්

රිපෝෂ සමාගම නියෝජනය කරන ජ්

යෙෂ්ඨ නිලධාරීන්ද සහභාගී විය.