by Staff writer 30-01-2026 | 8:34 AM
COLOMBO (News 1st) - 78 වන නිදහස් දින සැමරුම් උළෙලට අදාළ පෙරහුරු කටයුතු අද (30) සිට ආරම්භ වන බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.
ඒ හේතුවෙන් අද (30) සිට ලබන 04 වැනිදා දක්වා නිදහස් චතුරශ්‍රය සහ ඒ අවට මාර්ගවල විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වේ.
උදෑසන 7.45 සිට පස්වරු 1.30 දක්වා එම රථවාහන සැලැස්ම ක්‍රියාත්මක බව රථවාහන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර සඳහන් කළේ ය.