.webp)

COLOMBO (News 1st)-හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඔහුගේ පුතුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් පස්දෙනා, ලබන 13 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.
ඒ, වත්තල මහේස්ත්‍රාත් කංචනා නෙරංජලා ද සිල්වා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී ය.
සැකකරුවන්ට එරෙහිව නඩුව පවරා ඇත්තේ, පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට 2015 ලැබුණු පැමිණිල්ලකට අදාළව කළ විමර්ශනයකට අනුවයි.
විජයකලා මහේෂ්වරන් හිටපු මන්ත්‍රීවරියට අයත් කොළඹ පිහිටි ඉඩමක ලිපිනයක ඔවුන් පවත්වාගෙන ගිය සමාගමක් නමට සුවඳ විහිදුම් ද්‍රව්‍ය සහ පිරිසිදු කාරක නිෂ්පාදනය සදහා යැයි පෙන්වා සුරාබදු බලපත්‍රයක් ලබාගෙන එමගින් එතනෝල් ලීටර් ලක්ෂයක් මිලදී ගෙන ඒවා වෙනත් කටයුතු සඳහා යොදවා ඇතැයි විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
සතොස ලොරියක් යොදා ගනිමින් අවස්ථා තුනකදී එතනෝල් ලීටර 40,000 ක් වෙනත් ස්ථානයකට ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ගොනුකර ඇත්තේ, රාජ්‍ය දේපළ සාවද්‍ය පරිහණය යටතේ ය.
