නිපා වෛරසය මෙරටට බලපායිද?

නිපා වෛරසයේ අවදානමක් මෙරටට නැහැ. අනියත බියක් ඇති කරගන්න එපා - සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිවේදනයක්

by Staff writer 30-01-2026 | 8:37 AM

COLOMBO (News 1st) - ඉන්දියාවේ ප්‍රදේශ කිහිපයක පැතිර යන නිපා වෛරසය මෙරටට ව්‍යාප්ත වීමේ අවදානමක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය අවධාරණය කරයි.

සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි ප්‍රකාශ කළේ,  ඒ පිළිබඳ ජනතාව අනියත බියක් ඇති කර නොගන්නා ලෙසයි.

වෛරසය හඳුනා ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් රට තුළ පවතින බවද ඔහු සඳහන් කළේ ය.

මෑත කාලයේ ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්තයෙන් 'නිපා' වෛරස ආසාදිතයින් කිහිප දෙනෙකු හඳුනා ගැනීමත් සමග ඒ පිළිබඳ ලෝකයේ අවධානය යොමු වී තිබේ.