ගමේ සංවර්ධනය ගමටම....

ග්‍රාමීය සංවර්ධනයට ප්‍රජා ශක්ති සභාවල අනුමැතිය අනිවාර්ය කිරීමට පියවර...

by Staff writer 30-01-2026 | 8:39 AM

COLOMBO (News 1st) - ප්‍රජා ශක්ති සභාවල අනුමැතිය ලැබුණු සංවර්ධන යෝජනා පමණක් මින් ඉදිරියට ග්‍රාමීය මට්ටමින් ක්‍රියාත්මක කිරීමට උපදෙස් ලබා දී ඇති බව ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යංශය පවසයි.

අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ සඳහන් කළේ, මන්ත්‍රීවරුන්ට හෝ නිලධාරීන්ට රිසි සේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ඉඩ නොලැබෙන බවයි.

අමාත්‍යවරයා පැවසුවේ මේ වනවිට ප්‍රජා ශක්ති සභා 10,000කට අධික සංඛ්‍යාවක් පිහිටුවා ඇති බවයි.

ඉතිරි සභා 4000 ද කඩිනමින් පිහිටුවන බව ඔහු කියා සිටියේය.

ඒවායෙන් අනුමතවන සංවර්ධන යෝජනා ලබන මස 15 වැනිදායින් පසු ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බවද අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ සඳහන් කළේ ය.