සේන සමරසිංහ මහතාගේ දේහය අද සිට මහජන ගෞරවයට.

අභාවප්‍රාප්ත ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ සේන සමරසිංහ මහතාගේ දේහය අද සිට කුරුණෑගලදී මහජන ගෞරවයට.

by Staff writer 30-01-2026 | 9:19 AM

COLOMBO (News 1st) - ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ අභාවප්‍රාප්ත සේන සමරසිංහගේ දේහය මහජන ගෞරවය සඳහා අද(30) පෙරවරු 8 සිට කුරුණෑගල පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබේ.

දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන ඉරිදා පස්වරුවේ, කුරුණෑගල මල්කඩුවාව පොදු සුසාන භූමියේදි සිදු කිරීමට නියමිතයි. 
 

හෙළ සිනමාව ස්වර්ණමය යුගයක් කරා රැගෙන යාමට සුවිශේෂී මෙහෙවරක් ඉටුකළ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සේන සමරසිංහ ඊයේ(29) අලුයම අභාවප්‍රාප්ත විය. 

ඒ වනවිට ඔහුගේ වයස අවුරුදු 89 කි. 
 

මෙරට ජනප්‍රිය සිනමාවේ දැවැන්තයෙකු වූ සේන සමරසිංහයන්, චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු, නිෂ්පාදකවරයෙකු, තිර රචකයෙකු, ගේය පද රචකයෙකු යන විවිධ භූමිකා ඔස්සේ හෙළ සිනමාව පෝෂණය කිරීමට දායක වූ අතර ‘කස්තුරි සුවඳ’, ‘සදහටම ඔබ මගේ’, ‘නිල්ල සොයා’, ‘ආශා දෑසින්’ ඇතුලු සිනමා පට රැසක් ඔහු අධ්‍යක්ෂණය කර තිබේ.