.webp)
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, බිරිඳගේ උපාධි ප්‍රදානෝත්සවයකට එංගලන්තයේ කළ සංචාරය නිල සංචාරයක් නොවන බවට කරුණු අනාවරණය වී ඇතැයි, නීතිපතිවරයා අද අධිකරණයට දැනුම් දුන්නේ ය.
පැය තිස් හයක් තුළ රුපියල් කෝටි එක හමාරකට අධික ජනතා මුදල් භාවිත කරමින් පුද්ගලික සංචාරයක නිරතවීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව අද යළි කැඳවූ අවස්ථාවේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මේ බව සඳහන් කළේ ය.
මේ අතර,, මෙම නඩුවේ දෙවන සැකකරු ලෙස නම් කළ හිටපු ජනාධිපති ලේකම් සොමිසාර බණ්ඩාර ඒකනායක නොහොත් සමන් ඒකනායක පෙබරවාරි 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
ජනාධිපතිවරයා ලෙස කටයුතු කරමින් නිල නොවන පුද්ගලික සංචාරයක් සඳහා 2023 වසරේ සැප්තැම්බර් 22 හා 23 යන දෙදිනක පැය 36 ක කාලයක් තුළ මහජන අරමුදල් රුපියල් ලක්ෂ 166 ක් අවභාවිතා කිරීමේ සිද්ධියට අදාළව රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව අද පස්වරු 1.20 ට පමණ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාගයට ගැණින.
අත්අඩංගුවට ගැනීමට වන අවස්ථාවේ නිවසින් පලාගොස් සිටි නඩුවේ දෙවැනි සැකකරු ලෙස නම් කර සිටින හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක ද අද අධිකරණයේ පෙනී සිටියේ ය.
- උපුටා ගැනීම -
අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්
“ස්වාමීනී මෙම අධිකරණයෙන් ලද නියෝග අනුව පසුගිය නොවැම්බර් 13 වැනිදා නීතිපතිවරයාගේ උපදෙස් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් ලන්ඩන් නුවරට පිටත් කළා මේ සම්බන්ධව විමර්ශනයන සිදුකරන්න. ඒ ගැන ආරංචි වෙලා නීතිපතිතුමාව හම්බෙන්න ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න, රොනල්ඩ් පෙරේරා ඇතුළු ජනාධිපති නීතිඥවරු තුන්දෙනෙක් ආවා. ඒ ආවේ මේ නඩුව ගැන කතා කරන්න නෙමේ. කොටවලා ඒ වැඩේ අවුල් කරන්න. කොහොමද එහෙම ගියේ? ශානි අබේසේකර පොලීසිය එක්ක නීතීපතිවරයගෙන් අවසර අරන්ද විමර්ශනය ගියේ කියලා තමා ඒ මහත්වරු තුන්දෙනා හෙව්වේ''
