.webp)
-609189.jpg)
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසුවේ, අද සිට රාජකාරී සඳහා වාර්තා කළත්, බාහිර මිලදී ගැනීම් සඳහා ඖෂධ නියම කිරීම, බාහිර රසායනාගාර පරීක්ෂණ නිර්දේශ කිරීම ඇතුළු සේවා 5 කින් ඉවත් වන බවයි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුගිය සිකුරාද සිට පැය 48 ක සංකේත වැඩවර්ජනයක ද නිරත විය.
ශ්‍රී ලංකා වෛද්‍ය සේවය නමින් සුවිශේෂී සේවා ඛාණ්ඩයක් පිහිටුවීම,
ප්‍රවාහන සම්බන්ධ ඩැට් දීමනාව යාවත්කාලීන කිරීම.
22/99 චක්‍රලේඛයට අනුකූලව ප්‍රවාහන ගැටලු විසදීම.
අමතර රාජකාරී දීමනාව ස්ථාවර දීමනාවක් බවට පත් කිරීම සහ පර්යේෂණ දීමනාවේ ගැටලු විසදීම, එම ඉල්ලීම් අතර වේ.
පැවති වර්ජනය හේතුවෙන් රජයේ රෝහල් කරා පැමිණි රෝගීන් දැඩි පීඩාවකට පත්වූ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාව ඊයේ(25) රැස්වී යළි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට තීරණය කර ඇත්තේ, සිය ගැටලුවලට මෙතෙක් විසඳුම් නොලැබීම හේතුවෙන් ය.
