රු. කෝටි 08ක කුෂ් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට..

රු. කෝටි 08ක කුෂ් තොගයක් රැගෙන දිවයිනට ආ පුද්ගලයෙකු කටුනායකදී අත්අඩංගුවට..

by Staff writer 25-01-2026 | 8:29 AM

COLOMBO (News 1st) - 

රු. අට කෝටි විසි දෙලක්ෂයක් පමණ වටිනා " කුෂ්" මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන දිවයිනට පැමිණි පුද්ගලයෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඕමානයේ මස්කට් නුවර සිට දිවයිනට පැමිණි අවස්ථාවේ ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ, කටුනායක ගුවන් තොටුපළ මත්ද්‍රව්‍ය නාශක කාර්යංශ නිලධාරීන් විසින් ය.

සිය ගමන් මලු තුළ අසුරා ඔහු රැගෙනවිත් ඇති මත්ද්‍රව්‍ය ප්‍රමාණය, කිලෝ 8 යි ග්‍රෑම් 220කි.

දෙල්ගොඩ පදිංචි 37 හැවිරිදි සැකකරු, රාත්‍රී සමාජ ශාලාවක පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකු ලෙස සේවය කරයි.

ඔහු අද මීගමුව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.