.webp)

COLOMBO (News 1st)-
ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් යූ වුට්ලර් සඳහන් කළේ, පහරදීමක් සම්බන්ධයෙන් කතෝලික පියතුමෙකු කළ පැමිණිල්ලකට අනුව ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.
ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන්, ඊයේ රාත්‍රියේ කිරිඳිවිට සිට උඩුගම්පොළ බලා ධාවනය වූ යතුරු පැදියක් නතර කිරීමට අණකර තිබේ.
එම අවස්ථාවේ අණ නොතකා ධාවනය කළ බව කියන යතුරු පැදිය ලුහුබැඳ ගිය පොලිස් නිලධාරීන් එය නතර කරගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.
එහි සිටි 33 හැවිරිදි අදාළ පියතුමා අත්අඩංගුවට ගැනීමෙන් පසු, දෙපාර්ශවය අතර බහින්බස්වීමක් සිදුව තිබේ.
එහිදී තමාට පොලිස් නිලධාරීන් පහරදුන් බව සදහන් කරමින්, අදාළ පියතුමන්, මීගමුව රෝහලට ඇතුළත් වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ ය
සිද්ධිය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශන වලදී අදාළ සිදුවීමට සැකපිට පොලිස් නිලධාරීන් හයදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් විමර්ශන, සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මකයි.
