කුෂ් සහ හෂීස් තොගයක් සමග තිදෙනෙකු රේගු භාරයට..

කෝටි 13කට අධික වටිනාකමකින් යුත් කුෂ් සහ හෂීස් තොගයක් සමග සැකකරුවන් තිදෙනෙකු කටුනායකදී රේගු භාරයට..

by Staff writer 25-01-2026 | 1:11 PM

COLOMBO (News 1st)- රු.13 කෝටි තිස් නව ලක්ෂ හතලිස් දහසක් වටිනා කුෂ් සහ හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් තුන්දෙනෙකු, කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් අද අලුයම දිවයිනට පැමිණ තිබුණේ, ඕමානයේ මස්කට් නුවර සිටයි.

අනතුරුව අදාළ මත්ද්‍රව්‍ය තොගය, ගුවන් තොටුපළ හරිත මාවත ඔස්සේ පිටකරගෙන යාමට උත්සහ කළ අවස්ථාවේ ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ

ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් සහ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් කළ මෙහෙයුමකදී ඔවුන්ගේ ගමන් මලු තුළ තිබී කුෂ් කිලෝ 10 යි ග්‍රෑම් 394 ක් සහ හෂීස් කිලෝ1යි ග්‍රෑම් 912 ක් සොයා ගැනුණි.

සැකකරුවන් අතර, නාත්තණ්ඩියේ පදිංචි පෙදරේරුවෙකු සහ ව්‍යාපාරිකයෙකු මෙන්ම, කොළඹ ග්‍රෑන්ඩ්පාස් පදිංචි ව්‍යාපාරිකයෙකු ද වෙයි.