.webp)
-609089.jpg)
ගම්මැද්ද ආරම්භ කළ අලුත්ම වැඩසටහන වන ‘Care & Dare’ පළමුවැන්න පසුගියදා කොත්මලේදී සාර්ථකව පැවැත්වුණේ,
දහස් සංඛ්‍යාත ජනතාවට ප්රතිලාභ ලබා දෙමින්.
අද(24) බදුල්ල, පස්සර මධ්‍ය මහා විද්‍යාලයේදීත්, හෙට(25) මඩොල්සිම දෙමළ මහා විද්‍යාලයේදීත්, සඳුදා වැලිමඩ දිවුරුම්පොල පුරාණ රජමහා විහාරස්ථානයේදීත් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
ආපදාවෙන් පීඩාවට පත් ජනතාවට වෛද්‍ය සේවා, උපදේශන සේවා, නීති සේවා ලබාදීම මෙන්ම, සහනාධාර පිරිනැමීම ද ‘Care & Dare’ වැඩසටහන මගින් සිදු කෙරේ.
එමෙන්ම ආදායම් මාර්ග අහිමි වූ සහ ස්වයං රැකියා අහිමි වූ ජනතාව උදෙසා විශේෂ උපදේශන සේවාද මෙහිදී ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරිය හෙවත් නයිටා ආයතනය මෙහිදී ගම්මැද්ද සමග අත්වැල් බැඳගෙන සිටී.
ආපදාවෙන් අස්ථානගත වූ උප්පැන්න ඇතුළු වැදගත් ලිපි ලේඛන ලබාදීම සඳහා පස්සර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයද අද ‘Care & Dare’ වැඩසටහන සමග සම්බන්ධ වීමට නියමිතයි.
පස්සර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය ගර්භණී මාතාවන් සහ අඩු වයස් දරුවන් වෙනුවෙන් විශේෂ සේවා ලබා දීමටද සැලසුම් කර තිබේ.
ආපදාවට ලක්වූවන්ට වියළි සලාක ලබා දීම, ගෘහ උපකරණ ලබාදීම සහ සනීපාරක්ෂක පැකේජ ලබා දීම ද අද වැඩසටහනට ඇතුළත් වේ.
