ධර්මයුද්ධය2 ,හෙට සිට දිවයින පුරා සිනමා ශාලා වෙතින්

ධර්මයුද්ධය 2 ,හෙට සිට දිවයින පුරා සිනමා ශාලා වෙතින්....

by Staff writer 22-01-2026 | 10:56 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලාංකීය සිනමා රසිකයින්ට නැවුම් අත්දැකීමක් තිළිණ කරන ධර්මයුද්ධය 2 සිනමාපටයේ මංගල දර්ශනය අද (22) පැවැත්විණි.

ඒ, කොළඹ සිටි සෙන්ටර් පරිශ්‍රයේ, SCOOP සිනමා ශාලාවේදී යි.

ඒ අනුව හෙට (23)  සිට දිවයින පුරා සිනමාහල්වලදී ධර්මයුද්ධය නැරඹීමේ හැකියාව ප්‍රේක්ෂකයන්ට හිමිවේ.

අරුණ ජයවර්ධනගේ අධ්‍යක්ෂණයක් වන ධර්මයුද්ධය 2 චිත්‍රපටයේ විධායක නිෂ්පාදක ලෙස MTV ප්‍රධාන විධායක නිලධාරී යසරත් කමල්සිරි කටයුතු කරයි.

රේඛීය නිෂ්පාදක,  සිරස TV අධ්‍යක්ෂ ධර්මශ්‍රී බණ්ඩාර ඒකනායක.

ආදරය , කුතුහලය, ත්‍රාසය ,පිරුණු මේ නිර්මාණය ශ්‍රී ලංකාවේ චිත්‍රපට ක්ෂේත්‍රය උඩුයටිකුරු කරන දැවැන්ත නිර්මාණයකි.

කලකට පෙර තිරගත වූ ධර්මයුද්ධය චිත්‍රපටය ශ්‍රී ලංකාවේ අතිශයින් ජනාදරයට පත් වූයේ බොක්ස් ඔෆිස් වාර්තා පිහිටුවමිනි.

පැරණි මතක ආවර්ජනය කරමින් ධර්මයුද්ධයේ දෙවැනි නිමැවුම රැගෙන එන්නේ මහරාජා මීඩියා නෙට්වර්ක් ආයතනයයි.

සනත් ගුණතිලක, ඩග්ලස් රණසිංහ, බුද්ධදාස විතානාරච්චි, අශාන් ඩයස්, කුසුම් රේණු,දිල්හානි අශෝකමාලා, තිසුරි යුවනිකා, දිනක්ෂි ප්‍රියසාද් ඇතුළු දක්ෂ, ජනප්‍රිය නළු නිළි පිරිසක් ධර්මයුද්ධයට රංගනයෙන් දායක වේ.

චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන හරිස්චන්ද්‍රගේ චරිතය වෙනුවෙන් ජනප්‍රිය රංගන ශිල්පී බිමල් ජයකොඩි රංගනයෙන් දායක වේ.

ධර්මයුද්ධය පළමු චිත්‍රපටයේ කාටත් අභිරහසක් වුණු ෂේන්ගේ ඝාතනයේ විමර්ශන ඔස්සේ දෙවැනි චිත්‍රපටය ආරම්භ වේ.

එය රිදී තිරයේ දිග හැරෙන්නේ  ඝාතනය සිදුවී වසර 8කට පසුව සිදුවන සිද්ධියක් ලෙසයි.