ලෝක කුසලාන තරග කාලසටහනේ වෙනසක් නෑ

2026 T20 ලෝක කුසලාන තරග කාලසටහනේ වෙනසක් නෑ - ICC

by Staff writer 21-01-2026 | 8:21 PM

COLOMBO (News 1st) - 2026 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහනේ  වෙනසක් සිදුනොකරන බවත්, තරගාවලිය සැලසුම් කළ පරිදි පවත්වන බවටත්, ICCය අද (21) නිවේදනය කළේ ය.

ඒ, අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ මණ්ඩල සාමාජිකයින් අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුවයි.

බංග්ලාදේශය 2026 T20 ලෝක කුසලාන තරග' ඉන්දියාවේදී ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් අන්තර්ජාලය ඔස්සේ මෙම සාකච්ඡාව සිදුවූ බව, අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල නිල වෙබ් අඩවියේ සඳහන්.

එහි වැඩි දුරටත් දැක්වෙන්නේ ක්‍රීඩකයින්ගේ සහ මාධ්‍යවේදීන් ඇතුළු අනෙකුත් පාර්ශවයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිඳු තර්ජනයක් නොමැති බවට තහවුරු වීම නිසා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මෙම තීරණයට එළැඹ ඇති බවයි.