වතු කම්කරු දෛනික පැමිණිමේ දීමනාව ජනවාරි සිට...

වතු කම්කරු දෛනික පැමිණිමේ දීමනාව ජනවාරි සිට ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය

by Staff writer 20-01-2026 | 5:48 PM

COLOMBO(News1st) - වතුකම්කරුවන්ට ගෙවීමට නියමිත රුපියල් 200 දෛනික පැමිණිමේ දිරි දීමනාව ජනවාරි 01 වැනිදා සිට ගෙවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව, අදාළ ගෙවීම පළමු මාස 6ක කාලය තුළ වැවිලි සමාගම් හරහා සිදු කෙරෙන අතර ඉන් අනතුරුව එම දිරි දීමනාව වතුකම්කරුවන්ගේ පෞද්ගලික ගිණුම් වෙත බැර කිරීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යවරයාගෙන් යෝජනාවක් අනුව, වැඩපිළිවෙල ක්‍රියාත්මක වේ.