උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය මහව දක්වා සීමා කෙරේ...

උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය මහව දක්වා සීමා කෙරේ....

by Staff writer 19-01-2026 | 9:06 AM

COLOMBO(News1st) - උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය, අද(19) සිට නැවත දැනුම් දෙනතුරු කොළඹ කොටුවේ සිට මහව දක්වා සීමාකර තිබේ.

ඒ, උතුරු දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ අද ආරම්භ වීම හේතුවෙන් ය.

"දිට්වා” සුළි කුණාටුව හේතුවෙන් හානි වූ එම මාර්ගයේ ප්‍රතිසංස්කරණ සිදුවන්නේ, ඉන්දීය රජයේ ආධාර යටතේයී.

ඒ හේතුවෙන් අද සිට 26 වැනිදා දක්වා පමණක්, අනුරාධපුර සහ කන්කසන්තුරය අතර දුම්රිය ධාවනයට කටයුතු යොදා තිබේ.

ඒ සදහා යාල්දේවී සහ යාල්රාණී දුම්රිය ධාවනයට එක් කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

මේ අතර ආපදා තත්ත්වය හේතුවෙන් නතර කර තිබූ දුම්රිය ගමන්වාර කිහිපයක් හෙට සිට යළි ධාවනය වේ.

ඒ අනුව කොළඹ - ත්‍රිකුණාමලය රාත්‍රී තැපැල් දුම්රිය හෙට සිට ධාවනයට එක්කෙරෙනු ඇති.

කොළඹ සිට මඩකලපුව දක්වා පුලතිසි නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය ද සාමාන්‍ය පරිදි ධාවනය කිරීමට නියමිතයි.

ඊට අමතරව, කොළඹ - මඩකලපුව උදයදේවී ශීඝ්‍රගාමි දුම්රිය ද හෙට සිට යළි ධාවනයට එක් කරනු ඇති.