අගමැති ස්විට්සර්ලන්තයේ සංචාරයක.

අගමැති ස්විට්සර්ලන්තයේ සංචාරයක.

by Staff writer 19-01-2026 | 10:03 AM

COLOMBO(News1st) - සංචාරයක් ආරම්භ කරමින් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අද(19) ස්විට්සර්ලන්තය බලා පිටත්ව ගියාය.

ඒ, 56 වන ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික රැස්වීමට සහභාගී වීම සඳහායි.

ස්විට්සර්ලන්තයේ Davos-Klosters හිදී අද සිට 23 දක්වා සංසද රැස්වීම පැවැත්වේ.

'A Spirit of Dialogue' යන තේමාව යටතේ පවත්වනු ලබන 2026 ලෝක ආර්ථික සංසදය සඳහා රාජ්‍ය නායකයින්, ප්‍රමුඛ බහුජාතික සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන්, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ තාක්ෂණ නවෝත්පාදකයින් ඇතුළු ගෝලීය නායකයින් 3,000කට අධික සංඛ්‍යාවක් සහභාගී වනු ඇති.

මෙම සංචාරය අතරතුර, අග්‍රාමාත්‍යවරිය,  ජාත්‍යන්තර නායකයින් හා ගෝලීය ආයතන ප්‍රධානීන් සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.