හොරණ රිය අනතුරකින් තරුණයෙකු මරුට..

හොරණ රිය අනතුරකින් තරුණයෙකු මරුට..

by Staff writer 17-01-2026 | 9:47 PM

COLOMBO(News1st) - හොරණ ඉළිඹ මංසන්ධියේදී යතුරු පැදි දෙකක් සහ මෝටර් රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් තරුණයෙකු මියගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ, එක් යතුරු පැදියක් ධාවනය කළ 17 හැවිරිදි තරුණයෙකු එලෙස මියගොස් ඇති බවයි.

අනෙක් යතුරු පැදිකරු සහ මෝටර් රථයේ ගමන් කළ තරුණයෙකු තුවාල ලබා හොරණ රෝහලට ඇතුළත් කර තිබේ.

අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මෝටර් රථයේ රියැදුරු හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු, ඇප මත මුදා හැර ඇතැයි පොලීසිය සඳහන් කළේ ය..