.webp)
-600911-608684.jpg)
නඩුව කැඳවූ අවස්ථාවේදී සැකකාර නෙවිල් වන්නිආරච්චි අධිකරණය හමුවේ පෙනී සිටියේ ය.
එහිදී කරුණු දක්වමින් අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටියේ, පැමිණිල්ලට අදාළ විමර්ශන කටයුතු තවදුරටත් සිදුකරන බැවින් එහි ප්‍රගතිය දැනුම්දීම සඳහා දිනයක් ලබා දෙන ලෙසයි.
කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා නඩුව ජුනි මස 9 වැනිදා කැඳවීමට දින නියම කළේ ය.
ඔහුට චෝදනා එල්ල වන්නේ, රු. මිලියන 28 කට අධික වත්කම් අයතා ලෙස උපයා ගැනීම සම්බන්ධයෙන් ය.
