IMF දූත පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරයක

IMF දූත පිරිසක් ලබන 22 සිට 28 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක

by Staff writer 15-01-2026 | 10:19 PM

COLOMBO(News1st) - ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිසක් එළැඹෙන 22 වැනිදා සිට 28 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සන්නිවේදන අධ්‍යක්ෂ ජූලි කොසැක් සඳහන් කළා ය. .

ඇය මෙම අදහස් පල කළේ, අද මාර්ගගතව පැවැති මාධ්‍ය හමුවකදී නිවුස් ෆස්ට් හි සුල්ෆික් ෆර්සාන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ය.

දිට්වා සුළි කුණාටුවෙන් වූ හානි ගැන සෙවීමට‍  මෙම පිරිස මෙරටට පැමැණිමට නියමිතය.