.webp)

අද දිනය ලොවට කියාපාන්නේ කෘතගුණ සැළකීමේ අගයයි.
හින්දු දින දර්ශකයෙහි අවුරුද්දේ මුල් මාසය හඳුන්වන්නේ, ''තෛ'' යි යනුවෙන් හැඳින්වෙන් වේ.
පොංගල් යන්නෙන් 'උදාවීම' යන අරුත් ගැන්වේ.
ඒ අනුව, නව වසරේ උදාව තෛපොංගල් යනුවෙන් හැඳින්වේ.
තම වගාවෙන් නෙළාගත් අස්වැන්නේ මුල් කොටස හිරු දෙවියන්ට පූජා කිරීම තෛපොංගල් උත්සවයේ සුවිශේෂී කාර්යයකි.
වී අස්වැන්න නෙළා ලබා ගත් අලුත් සහල් ද, අලුත් උක් ගසකින් ගත් පැණි ද, එළකිරි යෙදු කිරිබත් ද, මංගල ද්‍රව්‍යයක් ලෙස කහ පිඬක් ද හිරු දෙවියන්ට පුද කිරීම තෛපොංගල් උත්සවයේ මූලික චාරිත්‍ර කිහිපයකි.
සොබාදහම සමග බද්ධව සිදුකරන පූජෝත්සව අතුරින් තෛයිපොංගල් උත්සවයට හින්දු බැතිමතුන් ප්‍රමුඛ ස්ථානයක් ලබා දේ.
හිරු උදාවත් සමග හින්දු බැතිමතුන් තෛපොංගල් උත්සවය වෙනුවෙන් ආගමික වතාවත් වල නිරතවනු දැකිය හැකි ය.
