.webp)
-608605.jpg)
මරදන්කේනි නගර්කෝවිල් බටහිර, ජේ 424 ග්රාමසේවා වසමේ මුහුදු වෙරලට ආසන්න මාර්ගයක් අසල තිබී මෙම කේරල ගංජා තොගය සොයා ගැනුණි.
එහි බර කිලෝග්රෑම් 14යි ග්රෑම් 100ක්.
පොහොර කවරවල බහාලන ලද කේරල ගංජා අඩංගු පාර්සල් 09ක් විශේෂ කාර්ය බලකාය සොයා ගත්තේය.
නෙල්ලිඅඩි කඳවුරේ විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට සහ යුද හමුදා බුද්ධි අංශයෙන් ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුවිය.
වැඩිදුර විමර්ශන සඳහා අදාළ කේරල ගංජා තොගය මරදන්කේනි පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.
