විදුලි සැර වැදීමෙන් අඹු සැමි යුවලක් මරුට...

වරකාපොල හුණුවල ප්‍රදේශයේදී විදුලි සැර වැදීමෙන් අඹු සැමි යුවලක් මරුට...

by Staff writer 14-01-2026 | 11:46 AM

COLOMBO (News 1st) - වරකාපොල හුණුවල ප්‍රදේශයේදී විදුලි සැර වැදීමෙන් අඹු සැමි යුවලක් මියගොස් තිබේ.

පොලීසිය  පැවසුවේ, කුඹුරු ඉඩමක ඇද තිබූ අනවසර විදුලි රැහැණක ගැටී ඔවුන් එම අනතුරට පත්ව ඇති බවයි.

මියගොස් ඇත්තේ 60 හා 58 හැවිරිදි තුල්හිරිය, හුණුවල ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවලක්.

එම අනවසර විදුලි රැහැණ අදින ලද 34 හැවිරිදි පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.